About

We believe that parents are happier when looked after by their children in their own homes but there are so many elders who don’t have cared for by anyone due to several reasons. We treat them with the utmost respect, compassion, and dignity that they are so deserving of. Out of them, there are a few having psychological disabilities also. We do everything we can do to elevate their quality of life!

Our experienced staff and the facility located in a residential neighborhood provide a unique atmosphere of a home-like environment for these helpless elders. All the services are provided free of charge and we are presently not funded by any other organization, foreign body or government of Sri Lanka. It is having 7 staff members to assist all the activities and receive food donations from the community island-wide.

“ Caring for elders is filled with a rich sense of closeness and satisfaction” We invite you to visit our place and see how we care and facilitate them

තම දරුවන් තම නිවෙස්වල රැකබලා ගැනීමේදී දෙමව්පියන් සතුටින් සිටින බව අපි විශ්වාස කරමු, නමුත් හේතු කිහිපයක් නිසා කිසිවෙකු විසින් රැකබලා නොගත් වැඩිහිටියන් බොහෝය. අප ඔවුන්ට සලකන්නේ ඔවුන්ට ලැබිය යුතු ගෞරවය, දයානුකම්පාව සහ ගෞරවයෙනි. ඒ අතර මානසික ආබාධ ඇති අය ද ස්වල්ප දෙනෙක් ය. ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කළ හැකි සෑම දෙයක්ම සිදුකිරීමට අප මේවන විට පියවර ගෙන තිබේ.

අපගේ පළපුරුදු කාර්ය මණ්ඩලය තම නිවසම වැනි සොඳුරු පරිසරයක් අසරණ වැඩිහිටියන් සඳහා නිර්මාණය කිරීමට නිරතුරු කටයුතු කරයි. ඒ සඳහා අවශ්‍ය සියලුම සේවාවන් නොමිලේ සපයනු ලබන අතර අපට දැනට වෙනත් කිසිදු සංවිධානයක්, විදේශීය ආයතනයක් හෝ ශ්‍රී ලංකා රජය විසින් අරමුදල් සපයනු නොලැබේ. මෙහි සියළුම ක්‍රියාකාරකම් සඳහා දිවයින පුරා වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් ලැබෙන මූල්‍ය හා ද්‍රව්‍යමය ආධාර, පරිත්‍යාග මත කටයුතු සිදුවේ. ඒ අනුව, අපි අසරණ හව්හරණ අහිමි වැඩිහිටියන්ට රැකවරණය සපයන පුණ්‍යායතන රාජ්‍ය නොවන සංවිධානයකි.

  “වැඩිහිටියන් රැකබලා ගැනීම, තෘප්තිමත් කිරීම හා ඔවුන් හා සමීප සම්බන්ධතාවයකින් කටයුතු කිරිම” අපගේ අපේක්ෂාව වන අතර, ස්ථානයට පැමිණ අප ඔවුන් රැකබලා ගන්නා ආකාරය සහ ඔවුන්ට පහසුකම් සපයන ආකාරය දැක බලාගැනීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු.

Vision

To be an institution that provides the best service on the island, for the welfare of the citizens at home, for the development of the minds of those who are slowly growing in mind, and to keep their minds constantly joyful, by empowering them in many ways.

Mission

Parents who have made a great contribution by sacrificing their blood, labor, and wealth for the betterment of the nation, to provide them with all the facilities they need to spend their evenings spiritually and leisurely wherever they are, and to take care of them with dignity and security.

දැක්ම

නිවස්නෙහි, දෙටු පුරවැසියන්ගේ සුභසාධනය උදෙසාත්, සෙමෙන් මනස වැඩෙන්නන්ගේ මනස සංවර්ධනය උදෙසාත්, ඔවුන්ගේ සිත්සතන් නිරන්තරයෙන් ප්‍රීතියෙන් තැබීම උදෙසාත්, ඔවුන්ට නන් අයුරින් ශක්තියක් වෙමින්, දිවයිනේ ප්‍රශස්ථ වූ සේවාවක් සපයන ආයතනයක් බවට පත්වීම.

මෙහෙවර

ජාතියේ උන්නතිය උදෙසා තම රුධිරය, ශ්‍රමය, ධනය කැපකරමින් අති උත්කෘෂ්ඨ මෙහෙවරක් ඉටුකළ මව්පියන් කිනම් හෝ තැනක අඩුවකින් අසරණභාවයට පත්ව සිටීනම් ඔවුන්ගේ සැදෑසමය අධ්‍යාත්මිකව, සැහැල්ලුවෙන් ගතකිරීම උදෙසා අවශ්‍ය සියළු පහසුකම් ලබාදෙමින්, ඔවුන් ගෞරවාන්විතව රැකබලාගැනීම හා සුරක්ෂිතභාවයට පත්කිරීම.